Wednesday, 1 February 2017

පෙදරේරුවන්ගේ වාස්තු පැවසීම විද්‍යාත්මකද..?

           වාස්තු යනු විද්‍යාවක් ලෝකය නිර්මානය වි පවතින්නේ පංචභූත බලයන් ලෙස හදුන්වන ශක්තීන් වල එකතුවකින්ය.
          වස්තු විද්‍යාවක් වන්නේ කෙසේද ? ඔබට නැගිය හැකි ගැටලුවකි. වස්තු විද්‍යාව මගින් ගනනය කිරීමට ලක් වන්නෙ පෘතුවියේ පවතින දිසා 8 සහ අහස සහ පොලොව යන දිසා 10 තුල පංචභූත ක්‍රියාත්මක වන ආකාරය වේ. ඒ අනුව නිවසක් නිර්මනය කරන ආකාරය යම් ගණනය කිරීමක් අනුව සැලසුමක් නිර්මාණය කිරීමය.
          නමුත් වර්තමානය වන විට විවිධාකාර පිරිස් විවිධකාර සත්තර තුලින් වාස්තු පටලවාගෙන විවිධ අදහස් ඉදිරිමත් කරයි නමුත් එය නුසුදුසු බව පමනක් ඉදිරිපත් කරයී. එහි විද්‍යාත්මක සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට ඔවුන් නොදනී. මක් නිසාද ඔවුන් එය කට කතාවක් ලෙස පතුරවාන යන නිසාය.
              ලෝකයේ වාස්තු විද්‍යාවන් විවිධකාර ආකාරයෙන් නිර්මාණය වී පවතී පෘතුවිය තුල බෙදීගිය මහද්ධීප, විවිධ දේශගුණයන් පවතී, විවිධාකාර කාලගුණ විපර්‍යස පවතී. පෘතුවිය අභ්‍යන්තර පවතින විවිධ සංගටක මෙන් ම මතුපිට පවතින සංගටක් පොදුවේ ගත්කල ගණ, ද්‍රව, වායු, මේ සියල්ලේ පවතින ආකාරය සහ පෘතුවිය වටා පවතින චුම්භක ක්ශේත්‍ර සමග විශ්වයේ පවතින වෙනස්වීම් කිරණ, විකිරණ සොභාවික වෙනස්වීමි පිලිබද නොපෙනෙන තුන්වන ඇසකින් දුටු විද්‍යාමාන වන ලෝකයේ ඈත වසර දහස් ගණනකට පෙර විසූ පිරිසක් සොයගත් විද්‍යාවක් එය විවිධ රටාවන් ලෙස අපට මැත කාලයේදී නටබුන්ව දැක ගැනීමට හැකියාව ඇත.
           මා දකින ආකාරයට ලෝකයේ සමකාසන්න මෙන් එයට දුරස් වන රටාව අනුව ලොකයේ පැවති වාස්තු ක්‍රමවේද වෙනසක් ඇතිබව සහ සූර්යාලෝකය පතිතවන සහ විශ්වයේ ග්‍රහයන්ගේ බලයන් වෙනස්වන ආකාරය අනුව යම් වෙනසක් මහද්ධීප අනුවද වාස්තු විද්‍යාත්මක වෙනසක් ඉදිකිරීම් තුල පැවත ඇතිබව.
            වර්තමාණය වන විට ප්‍රචාරනය වේගවත් බව නිසා විවිධාකාර වාස්තු එනම් පිරමීඩ නිර්මාණයේ දි භාවිතාකල වාස්තු මෙන් ලෝකයේ විවිධ කලාවන් වාස්තු විද්‍යාව ලෙස යම් මත ප්‍රචාරය වෙමින් පවතී ඔබ සැමවිට බුද්දිමත් වන්න වාස්තු විද්‍යාවකි එහි සැම සිද්ධන්තයකටම පැහැදිලි පිලිතුරක් පැවතී එය සොයාබලන්න.
                 බ්‍රක්මපාදය පෑගීමට නුසුදුසු බව යමෙක් පැවසිය හැකි. එය නිවසක් නිර්මාණයේදී සැලකීමට  ලක් නොවේ. නමුත් පුජ්‍යස්තාන නිර්මාණයේදී භූමියත් ඉදිකිරීමත් සමග ගණනයක් තුලින් සැලකීමට ලක් වේ. 
                 තවද එක එල්ලේ දොරවකල් තුලින් පිටත පෙනීම නුසුදුසු බව පවසයී. එය සෑම තැනකදිම නුසුදුසු ලෙස නොසැලකේ..  එය නුසුදුසු වන්නේ ඊසාන සහ නිරිත දිශා එක එල්ලේ පවතින විට සහ ගිනිකොන වයබ පවතින විටය, එයට හේතු වන්නේ ශක්තීන් අතුල්වීම සහ දුර්වල සංක්‍යාත වල ශක්තීන් නිවස තුලට ඇතුල්වීම සිදුවන නිසාය එය නිසි දිශා සැලකීමෙන් පමණක් සොයාගත හැකි කාරනයකී. කිසිවිටක සුර්‍යාගේ පිහිටීම අනුව දිසා සොයාගත නොහැකි අතර නිවරදි මාලිමාවක් ආදාරයෙන් සොයාගත යුතුය යම් කෙන්කු එය නොතකා යම් වස්තු සිද්ධාන්ත පවසන්නේනම් එය මුසාවකි.
            ජීවිතය සොදුරු නිවහනක ජීවත් කරන්න විශ්ව ශක්තිය තුලින් මෙතෙක් දුර ඔබ ගෙන ආ ඔබගේ ආත්මය ශක්තිමත් කරගන්න මක් නිසාද ඔබ මෙම විශ්වයේ අංශුවකි විශ්වය තුල පමනි ඔබෙ සංවර්ධනය පවතිනුයෙ එනම් නිවරදි වාස්තු පරිසරයන් නිවසක් තුල වීවත් වන්න නිවරදි වාස්තු වේදියකුගේ උපදෙස් ලබාගන්න ඔබට ජය ශ්‍රී........

Sunday, 30 October 2016

කාමර 2ක් සහික 1003 නිවසක්





ඉහතින් දැක්වෙන නිවස මුලිකාංග සියල්ල ගැබ් කරග්ත් කාමර දෙකකින් සමන්විත නූතන ක්‍රමයට නිර්මාණය වූ නිවසකි මෙහි පෙනුමින් කිසිදු වහලයක් නොයොදා ස්ලැබ් මගින් නිමවා ඇති බවක් ඉදිරියෙන් දිස් වුවද මෙහි    පිටුපසින් පහලට ඇදෙන වහලයකි. මෙහි ප්‍රධාන නිදන කාමරය වැඩි ඉඩක් සහිතව සහ අනෙක මධ්‍යම ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇත. මාගේ සේවාදායකයාගේ අදහස වූයේ පහසුවෙන් ජීවත්වියහැකි සහ කුඩා ඉඩ ප්‍රමාණයක අඩු වියදමින් ගොඩ නගාගත හැකි නිවසකි මෙහි ඉදිරිපස පෙනුම චාම් පෙනුුමකින් සැලසුම් කර ඇත. මෙම නිවස නිමවුම් පිරිවැයද අනෙකුත් නිවාස නිර්මාණ ක්‍රමයන්ට වඩා අඩු වියදම්න් ද අවසන්කරගත හැකිය. 

Friday, 21 October 2016

වාස්තු පරීක්ෂකයා


නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විතය පචස් 10 නිවස.





මෙම නිවස මාගේ සේවාදායකයාගේ අවශ්‍යතාවය පරිදි නිර්මාණය වූයකි.  මෙම සම්පූර්ණ නිිවස නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විතය. මෙම නිවස තුලට හැකි සෑම අවස්ථාවකම  ආලොකය සහ වාතාර්ශය වැඩි වන සේ ජනෙල් සහ දොරවල් යෙදීම තුලින් නිවසේ අභ්‍යන්තර අවකාෂය සැහැල්ලු කිරීමට සහ උෂ්නත්වය නැති කිරීමට මා කටයුතු කලේය.  
බිම් මහලේ වෘර්ථ ආලින්දය යම් විශාලත්වයක් සහිතව නිර්මාණය කිරීමෙන් එලිමහනේ නිදහස් වටාවක් ප්‍රධාන පිවිසුම සමග නිවසේ ඉදිරිපස අලංකාර පෙනුමක් ගැනීමට එය නිවසට සහයක් විය. තවද මෙම නිවසේ කාමර මදක් කුඩා වන නමුත් පචස් 10ක ඉඩමේ හැඩයත් සමග නිර්මාණය වු නිසා උපරිම ලෙස භූමිය ප්‍රයෝජනයට ගත් සැලසුමකි. මෙහි නාන කාමරය මදක් සැගව නිර්මාණය කිරීම තුලින් එම පිහිටීම නිවසේ අනිකුත් පිහිටීම් වලට බාදාවක් නොවීමද මාගේ සේවාදායකයාගේ අවශ්‍යතාවයක්විය. මෙහි මුලුතැන්ගෙය නිර්මාණය කිරීමෙදී කුඩා ඉඩ ප්‍රමාණයක් භාවිතා කලද මෙය ඇතුලත ගබඩා කාමරයක් ඇතුලත් කිරීමෙන් ඒ තුල අපහසුතාවය මගහැරීමට මා මෙම නිර්මාණය තුලින් කටයුතු කලේය. සාලය තුලින් ඉහළ මහලට ඇතුල් වීමට පඩිපෙල නිර්මාණය තුලින් සාලයට අලංකාරයක් එක් කිරීමට මා මෙහිදී කටයුතු කලේය.
පළමු මහලට දැන් අප පිවිසෙමු. අභ්‍යන්
ඔබට මෙහි දැකගත හැකි වන්නේ පඩිපෙල දෙපසට හුදකලා වූ නිදන කාමර දෙකකි. බිම් මහලේද එය එසේම දැකගත හැකිවේ නිවසේ කාමර එකිනෙක අතර දුරස් වීමක් මාගේ සේවාදායකයාට වුවමනා වූ නමුත් එය පැවති ඉඩ සමග අපසහුවෙන් හෝ මා මෙම නිර්මාණයට එම අදහසද ගැබ් කලේය.  මෙහි ටී.වී නැරබුම් සාලයන් මෙම මහලේ නිර්මාණයට එක් කර ඇති අතර ර අසලින් මෙම නිවසේ ප්‍රධාන නිර්මාණයක් වන ඉහල සිට පහල මෙන්ම කෑම කාමරය තුලදී ඉහල මහලේ වහලය දක්වා දිවෙන සහ ඒහා සමානවම ඉදිරි බිත්තිය තුල විශාල වීදුරැ රාමුවක් නිර්මාණය කර ඇත එය මෙම නිවසේ පිටත මෙන් අභ්‍යන්තර පෙනුව වර්ධරය කිරීම මෙන්ම ආලෝකය විශාලලෙස ලබාගැනීමට සහය විය. තවද මෙහි පහල මෙන් සැගවූ නාන කාමරයක් සහ ඉදිරිපසට වෘර්ථ වුනු බැල්නියක්ද යම් විශාලත්වයක් සහිතව නිර්මාණය කර ඇත.

මෙවැනි සැලසුම් පිලිබද සහ මා නිර්මාණය කර ඇති ඔබ නොදන්නා සැලසුව් ක්‍රම ECO house planing පිලිබද සහ නිවාස අභ්‍යන්ග පිලිබද ලිපි මාළාවක් ඉදිරිපත් කිරීමට අරමුණු කර ඇත ඔබගේ නිවස නිර්මාණය කර ගැණීමෙදී ඔබට ඇති ගැටලු විසදා ගැනීමට සහය වන්නෙමු.

Saturday, 17 September 2016

වාස්තු විද්‍යාෙවේ මූලිකාංගය කුමක්ද?

https://youtu.be/AYhuBhDUolA

වාස්තු විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය නවක ඇසින්


ඔනෑම මනුස්සයෙක් වාසය කිරීමට හිසට සෙවනක් තමන්ටත් පවුලටත් ආරක්ෂාව රැකවරණය සපයා ගැනීමට නිවහනක් සාදාගනී. එහි වාස්තු විද්‍යාවට අනුකූල සැලසුමක්ද? නොමැතිද? යන්න ගොඩනැගීමට පෙර සනාථ කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බව මතකයේ තබාගන්න වාස්තු පිලි නොගන්නේනම් පිලිනොගැනීමට හේතුව කුමක්ද යන්න සිතා කියවන්න.
වාස්තු විද්‍යාව සැබවින්ම විද්‍යාත්මක ද?
මෙම ප්‍රශ්ණය මා ඔබෙන් ඇසුවොත් ඔබ කුමක් පවසයි ද? ඔබ දැක ඇති, අසා ඇති ආකාරයට කුමක් පැවසුව ද වාස්තු විද්‍යාත්මකයි නමුත් ඒ තුල මිත්‍යාදෘශ්ඨීය ද ඇත. වාස්තු විද්‍යාව තුල ඇත්තේ පංචභූත බලවේග වල ඇති දොශ මගහැර ශක්තීන් ලබාගැණිමට විවිධ ක්‍රමවේදයන් යොදාගන්නේ කෙසේද යන්න සහ විද්‍යාත්මකව ප්‍රක්තියක්ශ වන දැ ගැබ්ව ඇති ඉපැරණි ශාස්ත්‍රයකි. වර්ථමානයේ භූමිය නොදැක ජොතිශ්‍යෙව්දියා කේන්දරය තුලින් වාස්තු පරීක්ශාව සිදුකිරීම තුලින් වාස්තු විද්‍යාවට විද්‍යාක්මක නොවන දුර්මත ඒක්ව ඇතිබව මාගේ මතය වේ. තවද විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන ඇතැම් මත නිසාද වාස්තු විද්‍යාව තුලට විවිධ කරුණු එක්ව ඇත. වාස්තු පරීක්ශාව පැයෙන් 2න් සිදුකිරීමට හැකියාවක් ඇති දෙයකුත් නොවේ. සාදා ඇති ඔබේ නිවස වාස්තු දොෂයක් නිසා කෙනේකු කඩා ඉවත් කිරීමට උපදෙස් දුන්නේ නම් කිසිම විටකවත් ඔහු වාස්තු උපදේශකයකු ද විය නොහැක. සෑම දෙයකටම විසදුම් ඇත කැඩීම් බිදීම් කිසිවිටකත් විසදුමක් නොව. නමුත් අසමබර දොර ජනේල එකතු කිරීමට විවර කිරීම් සිදු කිරීමට සිදුවන අවස්ථා ඇතිබව මතක තබාගන්න සාදා නිමකල ගොඩනැගිලි කඩා වෙනස් කිරීම තිබෙන දොශයට වඩා වියරු විය හැකිබව ඉපැරනි වාස්තු මතයක් බව පොත පත සඳහන්ව ඇත. වාස්තු විද්‍යාව සහ ජොතිශ්‍ය ශාස්ත්‍රය දෙයාකාරය සිදුකරන්නේ කාර්යන් දෙකකි. එනම් උපත් නැකතට කේන්දර සටහණ සකසා ග්‍රහ නවදෙනාගේ පිහිටීම අනුව අනාගත අනාවැකි පැවසීම සුභ නැකත් සැකසීම වැනී බොහෝ දෑ ඒ තුල සිදුකරයි. වාස්තු විද්‍යාව තුල අනාවැකි පල කිරීමක් නොමැක මිනිස් ජීවිත වලට බලපාන පංචභූත බලවේග වල හොද නරක ශක්තීන් ලබාගැනීමත් දුරවලතා මගහැරීමටත් භෟතිකව ක්‍රීයාත්මක වීමකි. තවද නොපෙනෙන බලවේගද අප අවට ඇත ඒ දේවල් සඳහා ද පිලියම් යෙදීමට වාස්තු විද්‍යාව තුල මෙන් ජෝතිශය සහ ආගමික වතාවත් සිදුකිරීම වැදගත්ය. මෙම දෙකම ගෘහය නිර්මාණයට පෙර වැදගත් වේ එනම් පංචභූත බලවේග සුභවාදී ලෙස පිහිටි සැලසුමක් වාස්තු විද්‍යාත්මක සැලසුම් ශිල්පියෙක් ලවා සිදුකර ගැනීම සහ . ජොතිශ්‍යවේදියා ලවා වැඩ ඇරබීමට සුදුසු නැකත් සකසා ගැනීම සිදුකර ගැනීම ඔබගේ මුලීක කාර්යක් වන්නේ නම් ජිවිත කාලය සතුටින් සුභවාදීව ගෙනයාමට එය ශක්තියක් වනු ඇත.
ජොතිශ්‍යවේදියා ද මුලිකම කාර්යක්ද ඉටුකරයි ඒ අනුව නව නිවසක් සෑදීම ඇරබීමට මත්තෙන් හිමිකරුගේ උපත් නැකතට අනුව සුභ වේලාවක් සකසා දීම, වාස්තු පූජාවක් ලෙස වන බහිරව පූජාව සිදුකිරීම, ගෘහ මූලිකගේ නැකතට සුභ වේළාවක් සකසා දීම වැනි සුභ මුර්ථ සැකසීමේ වැදගත් සේවාව ජොතිශ්‍යෙව්දිය සිදුකරේ.
වාස්තු ගැන පොදුවේ සෑම කෙනකුම දන්නා කරුණක් වන්නේ සහ මා ඔබෙන් වාස්තු කියන්නේ කුමක්ද ඇසුවොත් ඔබ පවසනුයේත්, වාස්තු කියන්නේ පාද බෙදන දොර ජනේල සමබර කර ප්ලෑන් ඇදීම කියා වනු නිසකය. වාස්තු කියනදේ තුල ඒ දේවල් පරීක්ෂාවට ලක්වන කරුණු කිහිපයකි. වාස්තු විද්‍යාව තුල එවානි සිදුවීම් විශාල ප්‍රමාණයක් සැලකිල්ලට ගනිමින් සැලසුමක් නිර්මාණය වේ.
පංච භූත බලවේග සහ නොපෙනෙන බලවේග.
ආපෝ, තේජෝ, වායෝ, පඨවි ලෙස කියවෙන සුලඟ, ගින්දර, වතුර, පොලව, අහස මෙම පංච භූත බලවේග වල බලපෑම් සිදුන්නේ කේසේද යන්න වාස්තු තුල සලකා බලන ප්‍රධාන සංකල්පයන් වේ. මෙම බලවේග සිදුවන දිශා අනුව එහි බලපෑම් වෙනස් වෙනබව විද්‍යාත්මකව ඔප්පු කලහැකි කරුණකි උදාහරණ ලෙස වාස්තු විද්‍යාවේ ඉපැරණි පොත් වල සඳහන් කරුනක් වන්නේ භූමියේ නිවස සෑදීමේදී නැගෙනහිර දෙසට ඉඩතබා බස්නාහිරට වන්නට ඉදිකිරීමට සුදුදුයි යන්නටය. එහිදී කිසිම විටකවත් වෙන පැත්තකට තිබීමෙන් අසුභ බවක් කියවෙන්නේ නැත. ඉර නැගෙනහිරින් පායා බස්නාහිරින් බැසයාම සෑම කෙනෙකුම දන්නා කරැනකි. හිරුගේ ශක්තිය වැඩිපුර ලැබේන කාල පරාසය වන්නේ උදෑසන කාලය බව ඔනෑම කෙනේකු දන්නා කරුනකි. එ තුල ඇත්තේ විද්‍යාත්මක කරුණකි. හිරුගේ ශක්තිය තමන්ගේ නිවසටත් භූමියටත් ලබා ගැනීමට එම වාස්තු සංකල්පය තුල වැදගත් විද්‍යාත්මක කරුනක් බව පැහැදිලිය ඒ ආකාරයට සුලඟ ද ලැබෙන දිශා 2ක කි ඒ නිරිත සහ ඊසාන දෙසින් වේ තවද ගින්දර ලැබෙන දීශාවක් ලෙස මා ඔබට ගිනිකොන හදුන්වා දුන්නොත් එහි කිසිම විද්‍යාත්මක කරුනක් පැහැදිලි කිරීමට මා හට නොහැකි වේ. නමුත් සෑම නිවසකට පොදු මෙන් ප්‍රධාන අංගයක් වන මුලුතැන්ගේ ලිපක් බැදේ ඒ තුල ගින්දර සෑම දිනකම දැල්වේ. වාස්තු විද්‍යාව තුල මුලුතැන්ගේ ගින්කොනට වන්නට සුදුසු බව කියවේ. සැබවින්ම එය නිවරදි කරුනකි. සැලසුමක් නිර්මාණයට පෙර මා සලකා බලන ප්‍රධාන කරුනු වන සේවා ලාබියාගේ අවශ්‍යතාවන්ට අනුව ආරක්ෂාව, සනිපාරක්ෂාව, පෟද්ගලිකත්වය සහ නිර්මාණයේ නව්‍යතාවය සහ අලංකාරය සලකා බැලිමේදී භූමියේ කුමන තැනට වන්නද ආලින්ඳය නිදන කාමර නාන කාමරය මුලුතැන්ගේ ස්ථානගත කිරීමෙදී සොබාවික පරිසරය තුල ඇති ශක්තීන් උපරිම ලෙස ප්‍රයෝජන ගැනීමේදි මුලුතැන්ගේ නැගෙනහිර ප්‍රධාන දිශාව වන සහ උප දිශාව වන ගිනිකොන දෙසට සුදුසු වෙන බව පැහැදිලි වේ. මන්දයත් උදෑසන කාලයට හිරුගේ ශක්තීන් මුලුතැන්ගේ තුලට ලබා ගැනීමටත් ඇතුලත පවතින තෙතමනය මෙන් විශබීජ නැසීමට උදෑසන කාලය තුල පවතින හිරු රැස් වලට හැකි බව පරීක්ෂණ තුලින්ද සනාත කර ඇති කරුනකි. ඔබට සිතෙන්නට පුලුවන නැගෙනහිරටම තැබුවනම් හරිනේ කියා නමුත් සලකා බැලිය යුතු අනේක් කරුන වන්නේ මුලුතැන්ගේ චිමිනියේ දුම් කවුලු පිලිබද සුලං ලැබීමේ දිශා අනුව සෘජුව සුලං ලැබිමක් ගිනිකොන දෙසින් නොවන නිසා සුදුසුම දිශාව ගිනිකොන ලෙස පැහැදිලිය. මේ කරුණු භූමියේ පිහිටීම අනුව වෙනස් වීමට පුලුවන නමුත් පැරණි ඉශිවර මත මග ඇරීමට නොහැක කේසේ වෙතත් වීශ්ව ශක්තියට පිලියම් වර්තමානය වන විට විද්‍යාව තුලින් බිහිව ඇත. වාස්තු විද්‍යාව ලොකයේ අද වනතුරු පවතින සියළුම ආගම් ආරම්භයට පෙර සිටන් පැවත ඇති බව සදහන්ය. වාස්තු විද්‍යාව විවිධ ආකාරයට පවති හින්දු ආගමේ දී දිශා අට සහ මධ්‍යස්ථයට අදිපති වන දෙවියන් සමිබන්ද කර සුභ අසුභ සිද්ධාන්ත මෙන් ශක්තීන් පිලිබද කියවී ඇත. ශ්‍රී ලංකාවට සමීප රට වන ඉන්දියාව තුල පවතින මානසාර වැනි සංස්කෘතිය තුල ලියවී ඇති පැරනි පොත් වලින් වාස්තු විද්‍යාව පිලිබද ඉගැන්වීම් බොහෝමයක් ඇත. තවද වසර කිහිපයක සිට අප රට තුල පැතිරෙන චීන දේශයේ ‍ෆෙංෂුයි ශාස්ත්‍රය තුලද වාස්තු විද්‍යාව ඇත. ඉන්දීය වාස්තු වල මෙන් දිශා වලට අංග දිශාගත කිරීමේදී සමාන කරුනු ඇති බව පොත පරිශීලනයේන් දැකගත හැකිය. තවද පිරමීඩ තාක්ෂණය අධ්‍යනයෙන් විද්‍යාන්මක උපකරන හදුන්වා දෙම්න් ප්‍රචාරනය වන පිරා වාස්තු. තවද ආගමික දර්ශණයන් අනුව තවත් වාස්තු විද්‍යාව ලෙස විවිධ මත ලොකයේ අදටත් බිහිවේ. මේ සිලුම කරුනු සැලකීමට යාම සිදු කිරීමට හැකි දෙයක්ද නොවේ. විද්‍යාත්මකව ඔප්පු කල හැකි හෝ ඉපැරනි ග්‍රන්ත තුල ඇති බව සනාත කල හැකි වාස්තු විද්‍යා කරුනු හැර කිසිදු වගකීමක් නොමැති කියමන් විස්වාස කර නිවසට දොස් පැවරීම හෝ දොසයක් ලෙස දැකීම වාස්තු වලට වඩා මානසිකව ජීවිතයට දොශ ඇති නොකරගැනීමට ඔබ සැලකිලිමත් වන්න.
නොපෙනෙන බලවේග යනුවෙන් අදහස් කරනුයේ භූත ආත්ම ප්‍රෙතයන් පිසාචයන් ගැන නොව නමුත් එවැනි බලවේග නොමැති බව පැවසීම මා හට කල නොහැක. මේ තුලදී කියනුයේ ලෝකේ පවතින නොපෙනෙන ශක්තී ගැනය. මේ කිසිවක් නොපේනේන නිසා මිනිසාට බලපෑමක් නැතැයි පැවසීමට කිසිදු හැකියාවක් නොමැත. මන්ද මිනිසාද සොභා දහමේ නිර්මාණයකි. සොභා දහමේ වෙනසට අනුකූලව මිනිසාට පහසු අපහසුතා ඇතිවෙන බව මිනිසෙකු ලෙස අප අත්දැකීමෙන් දන්නා කරුනකි. උනුසුම වැඩිවන විට ශරීරයට දැනේ නමුත් රස්නය සම වෙත එන බව පියවි ඇසට දකිනන පුලුවනද? මාලිමාවේ උතුරු කට්ට මාලිමා 100ක් එකට තැබුවද දිශාව එකක් පෙන්වන්නට හේතු වන පෘතුවියේ චුවිභක ශක්ති රේඛා පියවි ඇසින් දැක තිබේද? තව දෙයක් සාමාන්‍ය අඩිපාරක් ගැන සිතන්න හොදින් නිරීක්ශණය කිරීමෙන් ඔබට දැකගත හැකි වනුයේ දෙපස ගස්වල අතු පාර දෙසට නැමුනද එතනින් එහාට වර්ධණය නොවන බව මේ දේවල් පිලිබද හේතු විද්‍යාව තුල සනාත කර ඇත.

නිවාස සැලසුම්

ඔබට අවශ්‍ය ආකාරයේ සැලසුමක් නවීන සැලසුමක් වාස්තු විද්‍යාත්මකව පිලියල කර ඉදිකීරීමේ පිරිවෑය ඈස්තමේන්තු කර සිතඟි පරිදි ඉදිර ගැනිමට අවස්ථාව සලසා දෙන්නෙමු. 
සැලසුමක ඔබට වඩාත් කෑමති නිවසයක් Comment කරන්න.එය ඉකමනින් ඔබට ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.ඔබගේ යහලුවන්ටත් දෑන ගෑනෙම පිනිස Share කරන්න...https://www.facebook.com/akd.plan